විදුහල්පති පණිවිඩය
රතනපාල මහා විද්‍යාලය

1948 දී අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ වී වසර 70ක පමණ කාලයක දී මෙම විද්‍යාලය මෙම තත්ත්වයට රැගෙන ඒමට ඇප කැප වූ විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් සහ අනෙකුත් සියළුම පාර්ශවයන් මේ මොහොතේ දී ගෞරවයෙන් සිහිපත් කරමින් ඉදිරි සටහන තබමි.
වර්තමාන අංකිත ලෝකයේ නව වෙනස්වීම් සමඟ දහසක් බාධක මධ්‍යයයේ විවිධ අංශවලින් ලංකා ධරනි තලයේ නම රන්දා ඇති මෙම විද්‍යාලය ගුරු සිසු දෙමාපිය සැමගේ අතිමහත් කැප කිරීම් මතින් දිනෙන් දින තම අභිමතාර්ත ඉටු කර ගනිමින් නිබඳව ඉදිරියටම පා නඟයි.
සමස්ත ලෝකයම මුහුණ පා සිටින මෙම වසංගත තත්ත්වය හමුවේ ලාංකීය සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන ප්‍රගතිය සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව නව තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතියට එක් කිරීම ප්රශංසාත්මකව අගය කරමි.
එවන් මොහොතක ඉතා දුෂ්කර ගම්බද විද්‍යාලයක් ලෙස අප විද්‍යාලය ද එයට එක්වන්නේ හදපිරි සතුටිනි. වර්තමාන විදුහල්පති ලෙස ද සමස්ත ගුරු මණ්ඩලය ලෙස ද මෙම ඉදිරි පියවර තැබීමට අවස්ථාව උදාවීම පිළිබඳ ආඩම්බරවනවා මෙන්ම මෙම තාක්ෂණික ක්‍රමවේදයන් තව තවත් සංවර්ධනය කර ගනිමින් අප සිසු දරු දැරියන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ උන්නතිය වෙනුවෙන් කැප වෙමි.
විදුහල්පති,
රතනපාල මහා විද්‍යාලය.