පෞඪ ඉතිහාසයකට හිමිකම් කියන, පුරාවිද්‍යාත්මක අංගෝපයන්ගෙන් සපිරුණු පැරණි ඛෙත්තාරාම විහාර භූමියෙන් ලද ආශිර්වාදයත්, මහසෙන් රාජ යුගයට අයත් මහඋස්වැව ජලාශයෙන් පෝෂණයවන අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුව උපදිසාපති කොට්ඨාශයේ ආණමඩුව නගරයේ සිට නවගත්තේගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10ක් ගිය තැනදී හමුවන පාසල වර්තමානයේ දී පු/ ආණ/ ශ්‍රී රතනපාල මහා විද්‍යාලය නමින් හඳුන්වයි.
මහඋස්වැව වැව ආශ්රයෙන් ගොවි ජනපද පිහිටුවීම තුළින් ගම නව මාවතකට යොමු වූ අතර එහි ජනතාවගේ වර්ධනයට සමගාමීව ගමේ දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා දුර බැහැරට යාමට සිදුවීමත් සමඟ ප්‍රදේශයට අධ්‍යාපන මධ්‍යස්ථානයක දැඩි අවශ්‍යතාවය මත සුදුසු ස්ථානයක් නොමැති වූ හෙයින් මහඋස්වැව මහින්දාරාමයේ එවකට වැඩවිසු විහාරාධිපතිවන ගල් කුලමේ ශ්‍රී රතනපාල ලොකු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ මෙම අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටුවන ලදි. කුඩා දරු පිරිසකගෙන් ඇරඹී මෙම මධ්‍යස්ථානයේ විදුහල්පති වූයේ එවකට කැලේගම විදුහල්පතිව සිටි කේ.ඒ. වික්‍රමසිංහ මහතාය. පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 1951.09.03 දින මෙම පාසල රජයට පවරාගත් අතර එය හලා/මහඋස්වැව රජයේ විදුහල නම්න් හඳුන්වා ඇති අතරම එය එම පන්සල ඉදිරිපිට ඇති රජයේ ඉඩමක පොල් අතු ගොඩනැඟිලි දෙකක ආරම්භ කර ඇති අතර එය සිසුන් 25ක් හා ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය.
පසුව මෙම බිම් ප්‍රමාණය අක්කර එකක් දක්වා වර්ධනය වනවිට පාසල ඉදිරිපිට ක්‍රීඩා පිටිය සහිත ස්ථීර ගොඩනැඟිලි කිහිපයක් විය. නමුත් පසුව යාබද ඉඩම් ද පිරිසිදු කොට විශාල ක්‍රීඩා පිටියක් සකස් කළ අතර මේ වනවිට පාසල් භූමි ප්‍රමාණය අක්කර 10යි රූඩි 02යි පර්චස් 36ක් වේ. 1989.02.21 දින මෙම පාසල පු/ශ්‍රී රතනපාල මහා විද්‍යාලය නමින් වෙනස් වූ අතර 2006.04.01 දින සිට එය පු/ශ්‍රී රතනපාල මහා විද්‍යාලය (නවෝද්‍යා) නමින් හැඳින්වෙයි. පසුන මෙම පාසල තුළ සා.පෙළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, පරිගණක ඒකකයක්, මාධ්‍ය ඒකකයක් හා ශාලා 10කට වැඩි ප්‍රමාණයක් ලෙස වර්ධනය වෙමින් 1977 සිට උ.පෙළ අංශය ද ආරම්භ කරමින් මේ වනවිට දරුවන් 1200කට අධික ප්‍රමාණයක් හා ගුරුවරු 70කට වැඩි ප්‍රමාණයක් සමඟ වයඹ පළාතේ සාර්ථක පාසලක් ලෙස විරාජමානව පවතී.
|
ආරම්භ කළ වර්ෂය |
1948 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ. ඒ. වික්රමසිිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පූජ්‍ය ගල්කුලමේ ශ්‍රී රතනපාල හිමියන් |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
මහඋස්වැව මහින්දාරාමයේ ධර්ම ශාලාව |
|
පාසලේ නම |
අධ්‍යාපන මධ්‍යස්ථානය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ග්‍රාම සංවර්ධන සමිතිය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1951 සැප්තැම්බර් 03 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පන්සල ඉදිරිපිට රජයේ ඉඩම |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්.එම්. අප්පුහාමි |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ඩබ්. නීටා මේබල් තෙරේසා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|