• (+94) 032-56 87 286
  • rathanapalammvmahauswewa@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider
රතනපාල විදුහල් මාතා !

වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අලියා වැටුණ වැව කොටසේ

ආගන්තුක සත්කාරය පෙරදැරි කරගත් යහගුණයෙන් සපිරි මිනිසුන් වෙසෙන මනරම් පරිසරයක

සිසු ජීවිත එකළු කළ රතනපාල නම් හිමියන් පළමු වරට මුල් අත් පොත තැබූ

නැණ ගුණ සපිරි පුරවැසියන් දහස් ගණනක්  ලොවට දායාද කළ

පිං බිමකි රතනපාලය.

ද්විතීක හා තෘතීය අංශ යටතේ ක්‍රියාත්මකවන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය තුළින්

පිරුණු හැකියාවලින් යුක්ත වෘත්තීය ප්‍රවේශයකට සිසු දරුවන් යොමු කරන

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නව මගකට යොමු කරන

පුරා පස් වසක් තුළ අත්පන්දු ක්‍රීඩාව තුළින් කාන්තා සමස්ත ලංකා ශූරතාවය දිනු

ලක්බිම පුරා ජය කෙහෙළි නැගු අන් විෂයන් යටතේ විජයක්ග්‍රහණ රැසක් අත්පත් කරගත්

සිසු සිසුවියන්ගේ සුපෝෂිත මෙරට දිදුලනමිණි පහනකි

අපේ විදුබිම.

Read More

පාසලේ දැක්ම

පාසල සතු සියළු සම්පත් සංවර්ධනය කර ගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යන ගුණාත්මක සංවර්ධනයක් තුළින් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත් කිරීම පු/ මහඋස්වැව ශ්‍රී රතනපාල නවෝද්‍යා මහා විද්‍යාලයේ දැක්ම වේ.

අපගේ මෙහෙවර

භෞතික හා මානව සම්පත් සුරකිමින් පාසල් සංස්කෘතිය අගයන දැනුම, ආකල්ප, කුසලතා, මානව සංවර්ධනය කර ගනිමින් අනාගත අභියෝග ජය ගත හැකි ජාතික පොදු අරමුණු ඉටු කෙරෙන නිපුණතා වලින් පිරිපුන් දරු කැළක් බිහි කිරීම පු/ආණ/ ශ්‍රී රතනපාල නවෝද්‍යා මහා විද්‍යාලයේ මෙහෙවර වේ.

Card image cap 15 Feb2021