පාසල් ගීතය
ගුණ නැණ බරණින් සිසු කැළ සුසැදුව
මහඋස්වැව විදුහල් මෑණි
නමදිමු නිතියෙන පුද දෙමු බැතියෙන
මහඋස්වැව විදුහල් මෑණි
අවිඳු අඳුර බිඳ දුරැර අනන්තේ
ඥාණ ප්රදීපය දල්වා
මතු දිවි ගමනේ පහන් තරුව සේ
දියුණුවෙ මාවත පෙන්වා
දැනුම බෙදයි මෙත් සිතුවිලි වඩවයි
හැකියා ඔප් නංවා
මවිබිම සුරකින සමඟිය අගයන
සිසු කැළ බිහි කරනා
නමදිමු නිතියෙන පුද දෙමු බැතියෙන
විදුපිළි බිඟුයුරු ගුරු කැළ සමඟින්
කප්සුව හස්කල් වැජඹේවා
විදුහල් මෑණිය සැරදේවා......//