![]() |
![]() |
![]() |
ප්‍රදේශයේ ගොවි ජනපද බිහිවීම ඇරඹුමත් සමඟ, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගම් ප්‍රදේශයෙන් ඈතට යාමට සිදුවීමත් නිසා, ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ මූලිකත්වයෙන්, පූජ්‍ය ගල්කුලමේ ශ්‍රී රතනපාල ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනයෙන්, මහඋස්වැව මහින්දාරාම පන්සලේ ධර්මශාලාව මුල් කරගෙන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්බ කරන ලදී. සීමිත දරු දැරියන් පිරිසකගෙන් ආරම්භ කරන ලද මෙහි මුල් අකුරු කරන ලද්දේ කැලේගම විදුහල්පතිව සිටි කේ.ඒ. වික්‍රමසිංහ මහතාය.
ග්‍රාම සංවර්ධන සමිතියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් පාසලේ ඉදිරි කටයුතු සිදු කරගෙන යාමට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා කටයුතු කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1951 සැප්තැම්බර් 03 දින මෙම පාසල රජයට පවරාගෙන හලා/මහඋස්වැව රජයේ විදුහල ලෙස නම් කර, පන්සලේ ධර්මශාලාවේ ආරම්භ කළ පාසල පන්සල ඉදිරිපිට රජයේ ඉඩමට ගෙන ගොස් දෙමාපියන් විසින් ඉදිකළ පොල් අතු ගොඩනැඟිලි දෙකක, ගුරුවරුන් 2කුගෙන් සහ සිසුන් 25ගෙන් පවත්වාගෙන යන ලදී.

